මයික්රෝමිටර් ඉස්කුරුප්පු ආමානය (Micrometer Screw Gauge)
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය ගැන ඉගනීමට ප්‍රථම ඉස්කුරුප්පුවක ක්‍රියාකාරිත්වය ගැන සලකා බලමු. නිතර දක්නට ලැබෙන ඉස්කුරුප්පු ඇණයක් භාවිතයෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැකිය.

මෙහි නට්(Nut) එක නිසලව තබා ඉස්කුරුප්පු ඇණය කරකැවීම මගින්, ඇණය දෙපසට චලනය කල හැකිය. ඉස්කුරුප්පු ඇණය එක වටයක් කැරකැවීමේදී එය ගමන්කරන දුර අන්තරාලය(Lead) ලෙස හදුන්වයි.

මේ අනුව ඉස්කුරුප්පු ඇණය වටයකින් සියයෙන් එකක් කැරකැවුව හොත් එය ගමන්කරන දුර අන්තරාලයෙන් සියයෙන් එකක් බව මනාව පැහැදිලි වේ. මෙම මූලධර්මය මගින් අපට ඉතා කුඩා මිනුම් වුවද ලබා ගත හැකිය. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය යනු මෙම මූලධර්මය භාවිතා කරන උපකරණයකි. එහි රූපයක් පහත දැක්වේ.

නිවරද්යව කපා ඇති ඉස්කුරුප්පු පොටක් සහිත ඉද්ද, දිදාලය කරකැවීම මගින් චලනය කල හැකිවන පරිදි සකසා ඇත. ඉද්ද චලනය වූ දුර ආසන්නව මැන ගැනීම සදහා විල්ලේ ඇති රේඛීය පරිමාණය භාවිතාකරන අතර සමාන කොටස් 50 කට හෝ 100 කට බෙදා ඇති වෘත්තාකාර පරිමාණයකින් දිදාලය සමන්විත වේ.දිදාලය එක වටයක් කරකැවූ විට ඉද්ද අන්තරාලයට සමාන දුරක් ගමන් කරයි.
වෘත්තාකාර පරිමාණය කොටස් 100 කට බෙදා ඇතැයි සිතමු. එවිට,
මෙය සාධාරණ වශයෙන් පහත පරිදි ලිවිය හැක.
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතයෙන් මිනුම් ලබා ගැනීම
මිනුම් ගැනීමට අවශ්‍ය වස්තුව මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයේ කිනිහිරිය සහ ඉද්ද අතර හිරකරනු ලැබේ. මෙය සිදුකරනු ලබන්නේ දිදාල හිස කරකැවීම මගිනි.

දිදාල හිස කරකවන විට ඉද්ද වස්තුවට හොදින් ස්පර්ශ වන අවස්ථාවේ දිදාල හිස නිදහස්ව භ්‍රමණය වී වස්තුව අනවශ්‍ය පරිදි තදවීම වලක්වයි. දිදාලය කරකැවීම මගින් වස්තුව හිරකරීමට උත්සාහ කලහොත් අනවශ්‍ය පීඩනයක් යෙදීම නිසාල එය වස්තුවට මෙන්ම මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයටද හානිකර වේ.
ඉන්පසු පාඨාංක ලබාගැනීම අවශ්‍ය වේ. උදාහරණ ලෙස පරිමාණ රූපයේ පරිදි පිහිටන අවස්ථාවක් සලකමු.

මෙම අවස්ථාවේදී වෘත්තාකාර පරිමාණය රේඛීය පරිමාණයේ 14 mm සලකුනට වඩා ස්වල්ප දුරක් චලනය වී ඇත.
එම නිසා,
ලෙස සැලකිය හැක.
එම නිසා,
මෙය සාධාරණ වශයෙන් පහත පරිදි ලිවිය හැක.
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයේ මූලාංක වරද
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයේ කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වන විට රේඛීය පරිමාණයේ ශූන්‍යය වෘත්තාකාර පරිමාණයේ ශූන්‍යය සමග සමපාත නොවේ නම් එම උපකරණයට මූලාංක වරදක් ඇතැයි කියනු ලැබේ.

පරිමාණ දෙකෙහි ශූන්‍ය සමපාත වීම යනු වෘත්තාකාර පරිමාණයේ දාරය රේඛීය පරිමාණයේ ශුන්‍ය සලකුන සමග සමපාත වී වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය සලකුන රේඛීය පරිමාණයේ තිරස් රේබාව සමග සමපාත වීමය.
ඍන මූලාංක වරද
මෙම මූලාංක වරද ඇති විට කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වන විට පාඨංකයක් පෙන්වයි එම අගය, ලබාගන්නා මිනුම් වලින් අඩුකල යුතුය. උදාහරණ ලෙස පහත අවස්ථාව සලකමු.

මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වන විට පරිමාණ,රූපයේ පරිදි පිහිටයි. මෙහිදී කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වුවත් පරිමාණය යම් පාඨාංකයක් දක්වයි. එම නිසා මෙම උපකරණය මිනුම් කටයුතු සදහා භාවිතාකරන විට ලබාගන්නා මිනුම් වලින් ආරම්භයේදී දක්වන පාඨාංකය( මූලාංක වරද ) අඩුකල යුතුය. එම නිසා එය ඍන මූලාංක වරද ලෙස හදුන්වයි.
මෙම උපකරණයේදී මූලාංක වරද වෘත්තාකාර පරිමාණය කොටස් 6 කින් කරකැවූවිට ඉද්ද චලනය වන දුරට සමාන වේ.එම නිසා,මෙහි
ධන මූලාංක වරද
මෙම මූලාංක වරද ඇති විට කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වන විට වෘත්තාකාර පරිමාණය, රේඛීය පරිමාණයේ ශුන්‍ය සලකුන පසුකරගෙන ගමන්කර ඇත. එසේ ගමන්කරන දුර ප්‍රමාණය, ලබාගන්නා මිනුම් වලට එකතු යුතුය. උදාහරණ ලෙස පහත අවස්ථාව සලකමු.

මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක කිනිහිරිය සහ ඉද්ද ස්පර්ශ වන විට පරිමාණල රූපයේ පරිදි පිහිටයි. කිනිහිරිය සහ ඉද්ද ගෙවීයාම මෙයට හේතුව විය හැක. එවිට කිනිහිරියල ඉද්ද ස්පර්ශ කිරීමට වෘත්තාකාර පරිමාණය, රේඛීය පරිමාණයේ ශුන්‍ය සලකුන පසුකරගෙන යායුතුය එසේ යන දුර ප්‍රමාණය( මූලාංක වරද ) මෙම උපකරණයෙන් ලබාගන්නා මිනුම් වලට එකතු කල යුතුය.
මෙම උපකරණයේදී එම ප්‍රමාණය වෘත්තාකාර පරිමාණය කොටස් 4 කින් කරකැවූවිට ඉද්ද චලනය වන දුරට සමාන වේ. එම නිසා, මෙහි
සටහන :-
-
රේඛීය පරිමාණය ප්‍රධාන පරිමාණය ලෙසද හදුන්වයි.
-
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානවල රේඛීය පරිමාණය බෙදා ඇති කුඩා කොටසක දිග අන්තරාලයට සමාන වේ.